hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 14, ප.ව. 3:39



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ වැය ශීර්ෂ පරාජය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක් සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වරාය හා ගුවන් සේවා,කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත යන විෂයයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී අදාළ තීන්දුව ගැන අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවත් විෂයභාර අමාත්‍යවරුන්ට අනතුරු අඟවමින් මෙය සමථයකට පත්කර ගැනීමට කටයුතු කල යුතු බවටත් එම සාකච්ඡාවේ සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අදහස වී තිබුණා.

එම නිසා අවසන් තීරණය අයවැය කාරක සභා අවස්ථාව දක්වා කල් දැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා.