2023 නොවැම්‍බර් 14, ප.ව. 7:21
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ විවිධ කතා-බස් හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) අද (14) පස්වරුවේ උණුසුම් මුහුණුවරක් ගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරු ගණනාවක් එහි ප්‍රධානීන්ට දිගින් දිගටම චෝදනා කළා.
ඕස්ට්‍රේලියානු ටී 20 සංචාරට ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසකට සහ නිළියන් කිහිප දෙනකු වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව ප්‍රශ්න කෙරුණා.
එම සංචාර වෙනුවෙන් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් වැය කර ඇති බවද එහිදී සඳහන් වුණා.
නාස්තිකාර ආකාරයට මුදල් වියදම් කිරීම නතර කරන්නැයි කෝප් කමිටුව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නා.
එසේම විදෙස් සංචාර සඳහා මාධ්‍යවේදීන් ගෙන යාමේදී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසටද කෝප් කමිටුව නියෝග කළා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12