hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 8:42



රාජ්‍ය සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බව ලංකා ගුරු සංගමය සඳහන් කළා.

ඒ අනුව රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් දෙසැම්බර් 02 දා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව එම සංගමය ඊයේ (14) පැවසුවා.

එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ,

“ගුරු විදුහල්පති වැටුප් විශමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. ලෑස්තිවෙන්න.අපේ අරගලයට මුහුණ දෙන්න. දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: