2023 නොවැම්බර් 20, පෙ.ව. 12:06
ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජයගන්නා බවත් ඒ සඳහා තම පක්ෂය ඉතාම හොඳ සූදානමකින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බවද හෙතෙම සදහන් කළා.
ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ගැබිණි මව්වරුන් 420 දෙනෙකුට දිවා අහාරය පිරිනැමීම හා ඔවුන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පිරිනැමීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
හිටපු ජනාධිපතිවරයාගේ 78වන ඡන්ම දිනය නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුනේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු විසිනි.
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12