hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 11:34



මහජන ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා වන ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවයි කතානායකවරයා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

“‌40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරූ බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවැනි උපලේඛනය නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21/2 වගන්තිය සමග කිව යුතු 22/3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. ශ්‍රී ලංකා ජනාධිපති”