2023 නොවැම්‍බර් 23, පෙ.ව. 12:06
 
            
රටේ රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම වෙනුවෙන් මාර්ගෝපදේශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටුවක් පත් කර තිබෙනවා.
විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම අනුකමිටුව පත්කොට තිබෙනවා.
මෙම පාර්ලිමේන්තු අනුකමිටුව නීතිඥ උදයන කිරිඳිගොඩ මහතාගේ සභාපතිත්වය යටතේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජේ. සී. අලවතුවල, මොහොමඩ් මුසාමිල්, චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න සහ ගුණතිලක රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ විද්වත් සාමාජිකයන් 14 දෙනකු ගෙන් සමන්විතයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේයෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී ආචාර්ය ජානක ප්‍රනාන්දු, කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ අශෝක ඩයස්, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේයෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට සහ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරයාගේ උපදේශක ආචාර්ය කේ.ඒ. තිලකරත්න යන මහත්ම මහත්මීහු මෙම විද්වත් කමිටුවේ සාමාජිකයෝ වෙනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25