hit counter

2025 දෙසැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 25, පෙ.ව. 12:02



ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත 18%ක එකතු කල බද්ද මත සිදු කළ වැඩි කිරීම් ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බවයි. 

එමෙන්ම දෙසැම්බර් 10 වන දා යෝජිත වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය ගැනීමට නියමිතයි.

එහිදී භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමූ වී තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත්, මෙලෙස ලබන මාසයේ දී ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් අවසන් කිරීමට රජය කටයුතු කරන බව අමත්‍යවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: