hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 25, පෙ.ව. 11:22



නිර්පාක්ෂික අගමැතිවරයෙක් ලෙස නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් පත්වීමට සූදානමින් සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කළ බවත් පැවසූ ජනාධිපතිවරයා, ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වන ලෙස ද යෝජනා කළ බවත් සඳහන් කළා.

තමා කිසි විටෙකත් අගමැතිවීමට හෝ ජනාධිපතිවීමට සූදානමින් නොසිටි බවත් විපක්ෂ නායකවරයා ආණ්ඩුව භාරගැනීමට ඉදිරිපත් නොවීම නිසා තමාට එය භාර ගැනීමට සිදුවූ බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

එනිසා ජනාධිපතිවීමට සූදානම්ව සූට් මසාගෙන සිටි අයට එය සිදු කරගැනීමට නොහැකිවූ බව ද ඇඳුම් මැසීම සඳහා නිරපරාදේ වියදමක් දැරීමට සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.