2023 නොවැම්‍බර් 26, ප.ව. 3:51
කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අද (26) අක්‍රීය වීමත් සමග විදෙස් ගත වීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබන අතර , නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.
එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතින අතර එහි මන්දගාමී වීමක් ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වන බව ද එම ප්‍රකාශකවරයා පැවසුවා.
මේ වන විට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පවතින අතර , ගුවන් තොටුපොළ තුළ පවතින අධික මගී තදබදය මදක් ලිහිල් වෙමින් පවතින බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
කටුනායක ගුවන් තොටුපොළෙන් ලෝකයේ විවිධ රටවල ගමනාන්ත කරා පිටත්ව වීමට සහ එවැනි ගමනාන්ත වල සිට ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබෙන ගුවන් යානා රාශියක් මේ නිසා බලපෑමට ලක් විය හැකි බවට එම ප්‍රකාශකවරයා අනතුරු ඇගවීමක් ද සිදු කළා.
කටුනායක – ටී.කේ.ජී.කපිල
2025 ජනවාරි 10, ප.ව. 3:08
2025 ජනවාරි 10, ප.ව. 2:40
2025 ජනවාරි 10, ප.ව. 1:18
2025 ජනවාරි 10, පෙ.ව. 9:59
2025 ජනවාරි 10, පෙ.ව. 12:22