hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 12:04



චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට ඊයේ (27) අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අදාල ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් විසින්.

වසර තුනක් ඇතුලත ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.

ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරේ. 

කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108යි.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර, එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: