hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 29, ප.ව. 12:10



විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළා.

එලිසෙබෙත් සුජාතා භික්කුනීය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තා.

පැවිදි දිවියට එළඹීමට පෙර එලිසෙබෙත් සුජාතා භික්කුනීය වියට්නාමයේ රූ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර ය විශ්ව රූ රැජිණ ලෙස ද කිරුළ හිමි කරගත්තාය. අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර ඇත.

සුජාතා භික්කුනී මෙහෙනින් වහන්සේගේ පැවිදි දිවියට වසර 15ක් ගතවීම නිමිත්තෙන් ලංකාවට වැඩම කොට ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර තිබෙනවා.