2023 නොවැම්‍බර් 30, ප.ව. 12:09
මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවා.
ඔහු පවසා සිටියේ, මේ වනවිට ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර ගත නොහැකිව ගොඩගැසී ඇති බවයි.
පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවත් ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා.
“රියදුරු බලපත්‍රවල ප්‍රශ්නේ තිබුණේ කාඩ් නොමැති වීම නෙමෙයි. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය සමග රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එල්සී විවෘත කරගන්න බැරිවෙලා කාඩ් ගෙන්න ගන්න බැරිවුණා. ඊට පස්සේ අපි කාඩ් ගෙනල්ලා තියෙනවා. නමුත් අපිට කාඩ් ප්‍රින්ට් කරන මැෂින්වල ප්‍රශ්නයක් තිබුණා. මේ සඳුදා තමා මට අලුත් මැෂින් තුන ආවේ. ඒකේ ප්‍රින්ටින් මේ සතියේ පටන් ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා මාස 6ක් තුළ මේ ගොඩගැහිලා තියෙන ටික ප්‍රින්ට් කරලා අවසන් කරන්න.”
2025 මැයි 22, පෙ.ව. 12:20
2025 මැයි 22, පෙ.ව. 12:14
2025 මැයි 22, පෙ.ව. 12:07
2025 මැයි 22, පෙ.ව. 12:05
2025 මැයි 22, පෙ.ව. 12:04
22-05-25
22-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25