hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 30, පෙ.ව. 5:44



ලොව විශාලතම බෞද්ධ සංවිධානය වන IBC හෙවත් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ අභිනව සභාපති ධූරයට ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක වස්කඩුවේ මහින්දවංශ මහ නාහිමියන් පවත්වන ලදී.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජපානය, තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, ඇමරිකාව, කාම්බෝජය ඇතුළු රටවල් 39ක සංඝ රත්නය සහ බෞද්ධ වියතුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ දිල්ලි නුවරදී මෙම මහ සභාවාරය පැවැති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය දමින්ද පෝරගේ මහතා නියෝජ්‍ය ලේකම් ධූරයක් සදහා ද තේරී පත්ව තිබිණ.

තවද ආචාර්‍ය ශර්මිලා මිල්‍ රොයි මහත්මිය, මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමි, පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කමිටු ධූර සදහා පත් වූ අතර ඉදිරි වර්ෂ 3ක් සදහා සභාපති ධූරයේ කටයුතු ඉටු කිරීම මහින්දවංශ මහා නාහිමියන් විසින් සිදු කරනු ලබයි.