hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 දෙසැම්‍බර් 05, ප.ව. 12:19



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේනගේ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා (07) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එය බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන බවයි සඳහන් වන්නේ.

මේ වනවිට ඔහුගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

බොහෝ දෙනෙක් මේ වනවිටත් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු ඊයේ (04) පෞද්ගලික රෝහලේ දී අභාවප්‍රාප්ත වන විට  75 වැනි වියෙහි පසු වුණා.