hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:04



දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා.

සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පැනවීම සිදු කළා.

ඒ අනුව, විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට නියමිතයි.

එමෙන්ම, පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘතව තැබෙනවා.

සුරාසල් විවෘත කරන සහ වසන වේලාවන් පිළිබඳව නිකුත් කරන ලද නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: