2022 ජූනි 07, ප.ව. 12:16
“අගමැති රනිල් වික්‍රමසිංහ Netflix නරඹනවා වගේ රටේ ප්‍රශ්න විසඳීම ලේසි නැහැ. අදවත් පාර්ලිමේන්තුව හිස් විවාද පිටියක් බවට පත් කරන්න එපා.” යැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළා.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පැවසූ පරිදි ඔහු Netflix බලනවා වැනි සාමාන්‍ය කාරණාවක් පාර්ලිමේන්තුවේ තුළිනුත් ඔහු දකිනවා නම් ඒ බරපතළ ප්‍රශ්නයක් බවත් අද (07) රැස්වෙන පාර්ලිමේන්තුවේ දී හෝ රටට වැදගත් යමක් කළ යුතු බවද සමරසිංහ මහතා පෙන්වා දෙනවා.
එම නිසා අද සිට රැස් වන පාර්ලිමේන්තුවට රැස්වන පාර්ලිමේන්තුව රැස්වීම් වාද නිකරුනේ හිස් විවාද, කයිවාරු සදහා පාවිච්චි නොකර මේ සතිය තුළ වහාම රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ගෙනා වැරදි ආර්ථික ප්‍රතිපත්තියේම ලිගුව ඉදිරියටම පවත්වාගෙන යන ඔවුන්ගේ පුරෝගාමියා බවත් තවදුරටත් රටේ ජනතාව මෙම දේශපාලනඥයන්ගේ තක්කඩිකම් හා වංචාවන් නිසා දුක් නොවී දිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39