hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 5:59


තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියෝග කළා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරු දැක්වූ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.