hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 9:11


දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට – ප්‍රදේශයේ ආරක්ෂාවද තර කරයි

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළා.

ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලීසිය යොදවා ඇතැයි ද වාර්තා වේ.