hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 14, ප.ව. 9:13



බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බන්ධනාකාර නිලධාරීන් 19 දෙනෙකුට උසස් වීම් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය නොවැම්බර් 28 වන දා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම උසස් වීම් ලබා දෙන නිලධාරීන් තෝරා පත් කරගෙන ඇත.

ඒ අනුව පළමු පෙළ ජෙලර් තනතුරේ අවුරුදු පහකට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන් අතුරින් ජ්‍යෙෂ්ඨත්වය සහ කුසලතාවය මත වැඩිම ලකුණු ලබා ගත් නිලධාරින් 19 දෙනෙකු මෙම උසස් වීම් සඳහා තෝරා පත් කරගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: