2022 ජූනි 08, පෙ.ව. 10:45
කාන්තා ව්‍යවසායකයින් විසින් මෙහෙයවන ව්‍යාපාර ඇතුළු මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ලබා දීමේ ව්‍යාපෘතියක් සඳහා SDB බැංකුව පසුගිය දා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත.
එහිදී පළමු වරට ණය ලබා ගන්නන්, ප්‍රමාණවත් ඇපයක් තැන්පත් කිරීමට නොහැකි ව්‍යවසායකයින් සහ අගනුවරින් බාහිර පදිංචිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නව මූල්‍ය ක්‍රමෝපාය සංවර්ධනය කිරීමට සහ අපනයන ක්‍රියාවලිය පදනම් කර ගත් සාමූහික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහය ලබා දීමත් මෙරට කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමත් මෙම ව්‍යාපෘතියේදී අවධානය යොමු කෙරෙන සෙසු අංශයි.
විශේෂයෙන් ආසියානු සංවර්ධන බැංකුව ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ණය පහසුකම්, තාක්‍ෂණික සහය, ඉහළ ප්‍රතිපාදන සහ ආයෝජන සම්පාදනය කරන ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස ක්‍රියා කරයි. එසේම ආසියානු සංවර්ධන බැංකුව 2030 වර්ෂය වන විට කලාපය තුළ සෞභාග්‍යය ළඟා කර ගැනීම ඉලක්ක කරගනිමින් විවිධ ක්‍රමෝපාය සකස් කර ඇති අතර අන්ත දරිද්‍රතාවය මුලිනුපුටා දමමින් අර්බුදවලට මුහුණ දීමේ හැකියාවෙන් යුතු තිරසාර පැවැත්මක් සහිත කලාපයක් බිහි කිරීම එහි ඉලක්කයයි. SDB බැංකුව වසර 25ක් පුරා ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සහයෝගය ලබා දීමෙන් මෙරට ග්‍රාමීය සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර ඒ බොහෝ අවස්ථාවලදී ආසියානු සංවර්ධන බැංකුව SDB බැංකුවේ ක්‍රමෝපායික හවුල්කරුවෙකු ලෙස කටයුතු කර ඇත.
“විදුලි හා බලශක්ති හිඟයත් ආහාර සුරක්‍ෂිතතාව අහිමි වීමත් නිසා මූල්‍යමය වශයෙන් සහ මෙහෙයුම් වශයෙන් ස්ථාවර මට්ටමක නැති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ඇතුලුව සමස්ත ශ්‍රී ලංකා ජාතියම මේ වෙලාවෙ මුහුණදෙමින් සිටින්නේ අනපේක්‍ෂිත බරපතළ ආර්ථික අර්බුදයකට. එවන් අවස්ථාවක ආසියානු සංවර්ධන බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මේ ලබා දෙන ණය නිසා ඔවුන්ට තවත් ජීවන අවස්ථාවක් උදා වෙනවා. විශේෂයෙන් කොළඹ නගරයෙන් පිට ක්‍රියාත්මක වන, ඉහළ මූල්‍ය අවස්ථා හිමි නොවන, කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර ආර්ථික අර්බුදයට නිරාවරණය වීමේදී ඔවුන්ට මෙය විශාල ශක්තියක් වෙනවා.” යැයි SDB බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණය ව්‍යවසායක අංශයේ ප්‍රධානී චම්පා ජේ. දසනායක මෙනෙවිය ප්‍රකාශ කළාය.
සියලුම ක්‍ෂේත්‍රවල නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම ණය සඳහා ඉල්ලුම් කළ හැකි අතර එහිදී කෘෂිකර්මාන්තය, කෘෂි නිෂ්පාදන, විවිධ නිෂ්පාදන, ධීවර, සංචාරක, සත්ත්ව පාලනය සහ අපනයනය පදනම් කර ගත් ව්‍යාපාර කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වනු ඇත. මෙහිදී වෙළඳ ව්‍යාපාර, කල්බදු ව්‍යාපාර සහ කුලියට දීමේ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු නොකරන අතර පළමු වරට ණය ලබා ගන්නා ව්‍යාපාරවලට, කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාරවලට, ඇපකරුවන්ගෙන් තොර කාරක ප්‍රාග්ධන ණය සහිත ව්‍යාපාරවලට සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් බාහිරව පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට විශේෂ ණය ලබාදීමක් සිදු කිරීමට සැලසුම් කර ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නව මූල්‍ය ක්‍රමෝපාය සංවර්ධනය කිරීම සහ අපනයන ක්‍රියාවලිය පදනම් කර ගත් සාමූහික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහය ලබා දීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය. දුප්පත්කම අවම කිරීම සඳහා වන ජපන් අරමුදලේ (Japan Fund for Poverty Reduction – JFPR) මූලික මූල්‍ය ප්‍රතිපාදන මත මෙම කාර්යය සිදු කරන අතර SDB බැංකුව විසින් ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දැනට ලබා දෙමින් ඇති තාක්‍ෂණික සහයෝගය එමගින් තව දුරටත් වර්ධනය කෙරෙයි. ඊට අමතරව Women Entrepreneurs Finance Initiative (We-Fi) විසින් සපයන අරමුදල් මගින් සිදු කරන මෙරට කාන්තා ව්‍යවසායකත්වයට සුදුසු පරිසරයක් ගොඩනැංවීමේ කාර්යයට ද එම තාක්‍ෂණික සහයෝගීතාවය මහෝපකාරී වේ.
Wi-Fi ප්‍රතිපාදන මගින් සපයන ණය සඳහා ව්‍යාපාරයේ හිමිකාරිත්වය, පරිපාලනය, කළමනාකරණය හෝ අධ්‍යක්‍ෂ මණ්ඩල කටයුතුවල නියුතු වෙමින් සැළකිය යුතු මෙහෙවරක් සිදු කරනු ලබන, සුදුසුකම් සපුරන ලද සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ට අයදුම් කළ හැකිය. එහිදී ඔවුන්ට රු. 750,000.00 සිට රු. 30,000,000.00 දක්වා ණය ඉල්ලුම් කළ හැකිය. ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනය සඳහා, ඉඩම් මිල දී ගැනීම සඳහා සහ ඉදිකිරීම් කටයුතු සඳහා මෙම උප ණය නිකුත් කරන අතර වෙළඳ ව්‍යාපාර, කල්බදු ව්‍යාපාර සහ කුලියට දීමේ ව්‍යාපාර මීට අයත් නොවේ.
තේ කර්මාන්තයේ තිරසාර බව ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවයක් වන නිසා නව රෝපණ කටයුතු සහ නැවත රෝපණ කටයුතු දිරිමත් කිරීම සඳහා කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් හඳුන්වා දෙන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය. රෝපණය, බිම පිරවීම, තවාන් සංවර්ධනය, ජල සම්පාදනය, ජල හා පාංශු කළමනාකරණය ආදී සාර්ථක කෘෂිකාර්මික පිළිවෙත් මගින් දළු නිෂ්පාදනය වැඩිදියුණු කර ගත හැකි සියලුම වර්ගවල ව්‍යාපෘතිවල ප්‍රාග්ධන ආයෝජනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමයෙන් සහය ලැබේ. කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, ජනතාවට අවශ්‍ය ඩිජිටල් තාක්‍ෂණික පහසුකම් සැපයීම සහ මූල්‍යමය සහ පාරිසරික තිරසාර බව මෙහෙයවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන SDB බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ඉදිරි මාසවලදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත. එහිදී වඩාත් යෝග්‍යතා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කර ඔවුන් මෙරට ආර්ථිකය මෙහෙයවන ඉහළ ස්ථරයක් බවට පත් කර ජාතිය ගොඩනැගීමේ කාර්යයට දායක කර ගැනීමට ද හැකි වනු ඇත.
පාරිභෝගිකයින් හට සම්පූර්ණ සේවා පරාසයම සපයන, අනාගතයට සූදානම් බැංකුවක් වශයෙන් SDB බැංකුව, නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන් පරිපූර්ණ ලෙස සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරයි. අගය දාමයන් වර්ධනය හා මූල්‍ය කළමනාකරණය වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන මඟපෙන්වීම් සහ උපදේශනයන්, මූල්‍ය සහයෝගය සමඟ මුසු කරන ලද ප්‍රවේශයක් හරහා පාරිභෝගිකයින්ගේ ජීවිත සහ ව්‍යාපාරවලට සවියක් වීමට SDB බැංකුව කටයුතු කරනු ලබයි. එමෙන්ම SDB බැංකුව පාරිසරික, සමාජයීය හා පාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවුණු ව්‍යාපාර ප්‍රවේශයක් අනුගමනය කරන අතර බැංකුව විසින් මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහය සැපයීමේදී තිරසාර ප්‍රවේශයක් ඇති ව්‍යාපාර හා වැඩසටහන් වෙත වැඩි අවධානයක් යොමු කීරීම ද බැංකුවෙහිම තිරසාර ව්‍යාපාර ප්‍රවේශය පිළිබිඹු කරන්නකි. මෙලෙස පැහැදිලි දැක්මක් ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසකයින්ට සහය වීම, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය හා මහජනතාව අතරට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ ගෙනයාම කෙරෙහි දක්වන කැපවීම SDB බැංකුව, ශ්‍රී ලාංකික සමාජයේ සෑම සාමාජිකයෙක්ටම සමානව සළකන, වටිනාකම වෙනුවට හැකියාව හා විභවතාවය මත පදනම්ව ඔවුන්ව අගය කරන බැංකුවක් වශයෙන් කීර්තියක් අත්කර ගැනීමට හේතු වී ඇත.