2023 දෙසැම්‍බර් 19, ප.ව. 1:06
 
            
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත්කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙත දැනුම් දී තිබුණා.
ඊට අදාළව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලැබී ඇති බව සඳහන්.
අදාළ කමිටු නිර්දේශ මත පදනම්ව පහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව,
1.ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන බල ප්‍රදේශයෙන් පිටත සේවා ස්ථානයක් වෙත ස්ථාන මාරු කිරීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අභියාචනයක් කරන්නේ නම් ආයතන ප්‍රධානීන් විසින් ඒ පිළිබඳව සලකා බලා අදාළ සේවා ස්ථානයේ දේශපාලන කාර්යයන්වල හෝ දේශපාලන ප්‍රචාරණ ප්‍රවර්ධන කාර්යයන්වල හෝ නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධාරීන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව නිලධාරීන්ගේ ස්ථීර සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීම.
2. 2023.04.25 වන දින සිට 2023.05.08 වන දින දක්වා වූ කාලය සඳහා වැටුප් සහිත නිවාඩු සේ සලකමින් මුලික වැටුප ගෙවීම.
3. 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති නිලධාරීන් 2023.05.08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 07 / 2023 අනුව අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කරන ලෙස නියම කිරීම.
4. ඒ අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා ඉහත කරුණු ඇතුළත්ව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25