hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 ජූනි 08, ප.ව. 3:15


වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතාට සහ ඔහුගේ ලේලියට අධිකරණය මගින් අද (08) ඇප නියම කර තිබෙනවා.

වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් එලෙස ඇප නියම කර තිබෙනවා.

රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වාට පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

සිද්ධියෙන් පසු සැඟව සිටි ඔවුන් දෙදෙනා පසුගිය 6වනදා පොලීසියට භාරවූ අතර අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගැනුණා.

ඒ අනුව අද (08) දිනය දක්වා එහිදී ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: