hit counter

2025 අගෝස්‍තු මස 19 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 1:17


මහනුවර ගස් කඩා වැටී වාහන 8කට දැඩි හානි

මහනුවර තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කොට තිබූ රථ වාහන රැසකට දැඩි අලාභ හානී සිදුව තිබෙනවා.                                                                                              

එකිනෙකට යාව පිහිටි බෝ ගසක් හා සපු ගසක්  කඩා වැටී ඇති අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස්වල මුල් දිරා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසනවා.                                     

මේ හේතුවෙන් එම ස්ථානයේ නවතා තිබූ ලොරි, කාර්, වෑන්, ත්‍රිරෝද රථ ඇතුළු වාහන අටකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුරින් තුවාල ලද දෙදෙනෙකු  මහනුවර ජාතික රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.

මහනුවර මූලස්ථාන පොලිසිය, නාගරික ගිනි නිවන ඒකකය, යුද හමුදාව හා නගර සභාව එක්ව කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකළ අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු පැය කීපයක් අත්හිටුවා තිබුණි.