hit counter

2025 ජූනි මස 24 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 5:36



දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු  වශයෙන් ඉදිරිපත් වීමට  සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී  විග්නේෂ්වරන් මහතා පැවසුවා.

දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළා.

පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද  ඔහු සඳහන් කළා.

මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමා තුළ මේ දක්වා ලොකු කැමැත්තක් නොතිබූ නමුත් දකුණේ ඡන්ද වලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාව නොලැබෙන හෙයින් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අදහසක් ඇතිවූ බවද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළා.