2024 ජනවාරි 03, ප.ව. 7:02
කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විවිධ ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශනා සිදුකර ඇති බවත් ඔහුගේ දේශනාවලට සවන්දුන් පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ වනවිට සියදිවි හානිකරගෙන ඇති බව අනාවරණය වී ඇති බවද පොලීසිය පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසුවා.
මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලු පුද්ගලයින් ඔහුගේ අවමගුල් උත්සවයට ද සහභාගී වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
2025 අගෝස්තු 19, පෙ.ව. 7:40
2025 අගෝස්තු 18, ප.ව. 12:51
2025 අගෝස්තු 14, ප.ව. 7:28
2025 අගෝස්තු 12, ප.ව. 2:06
2025 අගෝස්තු 07, පෙ.ව. 8:22