hit counter

2025 මාර්තු මස 16 වන ඉරිදා

2024 ජනවාරි 04, ප.ව. 9:14


වත්තල පාසලක තිබී ටී – 56 ගිනි අවියක් සොයා ගනී

වත්තල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා කාමරයක සඟවා තිබීයදී ගිනි අවියක් සහ උණ්ඩ සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, අදාළ පාසල වත්තල පොලිස් වසමේ පිහිටා තිබුණ ද මහබාගේ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව ය.

එහිදී එම කාමරය තුළ තිබී ටී – 56 ගිනි අවියක්, එහි උණ්ඩ 125ක්, මැගසින් 4ක්, මිලිමීටර් 9 උණ්ඩ 18ක්, ජංගම දුරකතන කිහිපයක් සහ පොලිස් ක්‍රීඩා ඇඳුමක් සොයා ගෙන ඇති බව ය.

පොලිසිය සඳහන් කළේ, අදාළ ආයුධ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීවට’ අයත් බවට සැක කෙරෙන බව ය.