2022 ජූනි 12, ප.ව. 5:26
ලබන මස පළමු සතියේ සිට කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින්.
ඒ අනුව ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල්වල ජනතාව ලියාපදිංචි කිරීමට කටයුතු කෙරෙනු ඇති.
මෙරට මූල්‍ය ශක්තිය ස්ථාවර වනතුරු සහ පැය 24 පුරා ඉන්ධන මෙන්ම විදුලිය ලබා දීමේ අරමුණින් මෙලෙස ලබන මස පළමු සතියේ සිට කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.
විදුලිය සහ භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වීමට ගෑස් හිඟය බලපා ඇති බවත් ඉන්ධන ආනයනයට මිට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ වූ වියදම මේ වනවිට ඩොලර් මිලියන 550 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

2026 ජනවාරි 07, ප.ව. 2:18
2026 ජනවාරි 07, පෙ.ව. 10:29
2026 ජනවාරි 07, පෙ.ව. 8:36
2026 ජනවාරි 07, පෙ.ව. 8:27
2026 ජනවාරි 07, පෙ.ව. 12:30