hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2026 ජූනි 19, ප.ව. 4:07



තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන ඇගේ පෙම්වතා විවාහකයෙකු බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඔහු 38 හැවිරිදි ගන්නොරුව,මහනොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මුලින් තොරතුරු අනාවරණය වුවද ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය බවට හෙළි වී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සදහන් කළේ.

සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වල පැමිණිලි මෙන්ම අධිකරණ වල නඩු ද පවතිනවා.

තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එසේම මොහු පරිගණක මුදෘකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුවද එය අසත්‍යක් බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.

පෙරේදා පස්වරුවේ මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර අදාල මෝටර් රථයක තිබී හමු වූ අතර එය සැකකරු සබදතා පැවැත් වූ කාන්තාවකට අයත් බවටයි හෙළි වී ඇත්තේ.

ඇගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක මියගිය තරුණිය සහ සැකකරු පසුගිය 3 වනදා සිට 16 වනදා දක්වා රැදී සිට ඇති අතර භෞත චිකිත්සකවරිය ඝාතනය කර මෙලස මෝටර් රථයේ දමා සැකකරු විසින් තෙල්දෙණිය රෝහලේ රථ ගාල අසලට රැගෙන විත් පලා ගොස් ඇති බවටයි පොලිසිය සක කරන්නේ.

එමෙන්ම අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: