hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 21, ප.ව. 1:58


එස් ශ්‍රීධරන් ITAK නායකත්වයට

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ පක්ෂ නායකත්වය සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා වැඩි ඡන්දයෙන් නායකත්වයට තේරී පත්ව ඇති බවය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පැවැත්වුණි.

ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි අතර රහස් ඡන්දයකින් නව නායකයා තෝරා පත් කර ගැනීම සිදුව තිබුණි.