hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2024 ජනවාරි 23, පෙ.ව. 11:27



පාර්ලිමේන්තුව සිය විදුලි බිල සෑම මාසයකම අඛණ්ඩව ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, පාර්ලිමේන්තුව කෝටි හතක විදුලි බිලක් ගෙවීම පැහැර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලබා දෙමින්.

ජනාධිපති ලේකම් කාර්යාලයත් කිසිදු හිඟ මුදලකින් තොරව විදුලිය බිල ගෙවා ඇති බවයි, ඔහු අවධාරණය කර සිටියේ.

පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් ඇති වන ආකාරයේ ප්‍රකාශක් සිදු කළ රංජන් ජයලාල් නමැති පුද්ගලයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙසටයි, කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ.