hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජනවාරි 24, ප.ව. 1:46


විශ්ව බුද්ධ නැවතත් රිමාන්ඩ්

“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඔහු අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දුනි.

එමෙන්ම සැකකරු ලබන 29 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද බන්ධනාගාර දෙපාර්මේන්තුවට නියෝග කළ බව පැවසුවා.

සැකකාර චීවරධාරියා පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකාර චීවරධාරිය අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.