hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 02, පෙ.ව. 9:25


බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා  පවසයි.

මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු නාවික හමුදාවේ හිටපු විශ්‍රාමික සෙබළෙකු (39) වන අතර  එම ඝාතනයට  අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පියා (72) හෙහෙරොයින් ග්‍රෑම් 21යි  මිලිග්‍රෑම් 350  ක් සමග පල්ලෙවල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.