hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 06, ප.ව. 7:54



හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිමිවූ ජගත් ප්‍රියංකර මහතා බ්‍රහස්පතින්දා (8)පෙරවරුවේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

පසුගිය මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩි මමනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්ත මහතාට හැකි වූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80082ක්.

එහි පරාජිත ලැයිස්තුවේ පළමු වැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතා විසින් හිමිකර ගත් අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 40527ක්.