2024 පෙබරවාරි 07, ප.ව. 12:01
අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.
අප වාර්තාකරු පැවසුවේ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කළ බවයි.
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පසුගියදා (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වුණා.
ඒ අනුව එදින සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, ඔහු ව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස නියෝග කළා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19