2024 පෙබරවාරි 12, ප.ව. 5:42
වත්මන් මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් සහ ඔහුගේ පුහුණුකරු රිය අනතුරකින් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර සිදුවන අවස්ථාවේ කිප්ටම්, ඔහුගේ රුවන්ඩා පුහුණුකරු රථයකින් ගමන් කරමින් සිට තිබෙනවා.
රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වළකට පෙරළී, එය දිගේ මීටර් 60ක් පමණ ඉදිරියට ගමන් කර විශාල ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් කෙල්වින් කිප්ටම් සහ ඔහුගේ පුහුණුකරු ජීවිතක්ෂයට පත් වුණා.
ඔහු ඉකුත් වසරේ ඔක්තෝබර් මස පැවැති චිකාගෝ මැරතන් තරගය පැය 02යි තත්පර 35කින් අවසන් කර නව ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් වුණා.
කිප්ටන් මිය යන විට 24 වියේ පසුවුණා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20