hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 පෙබරවාරි 13, ප.ව. 9:30


ජනාධිපතිවරයාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් එකවරම නිකුත් කෙරේ

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ය.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අණ පරිදි එය නිකුත් කර ඇති බවය.

ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,