hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 20, පෙ.ව. 12:23



මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින 03කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා

ඒ අනුව අද (20) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

එමෙන්ම ලබන 21 සහ 22 යන දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමටයි තීරණය කර ඇත්තේ

කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවේ එළඹෙන 23 වැනිදා පොහොය නිවාඩු දිනය යෙදෙන බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවයි.

මේ අතර ලබන 22 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.