2024 පෙබරවාරි 19, ප.ව. 6:32
පසුගිය සමයේ එජාපයට සහ ශ්‍රීලනිපයට වූ විනාශය පොදුජන පෙරමුණට වන්නට ඉඩ නොතබන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසයි.
පසුගිය මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ආසන එකට බැස්ස බවත්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී බෙදී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් විය යුත්තේ තම පක්ෂය විසින් තෝරා පත්කරගන්නා අයකු මිස කිසිවකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව නොවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි. තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු ඕනෑතරම් දක්ෂ තරුණ නායකයින් සිටින බවත් ඔහු පැවසීය.
එම නිසා මුහුද හත්ගව්වක් තිබියදී ජනාධිපති අපේක්ෂක ගැන තැන තැන කීමෙන් පලක් නැති බවත් සිදුවිය යුත්තේ පක්ෂය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ අවධාරණය කරයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18