2024 පෙබරවාරි 26, ප.ව. 9:04
කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැති තර්ස්ටන් – ඉසිපතන විද්‍යාල අතර 61 වෙනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
කාසිය වාසිය දිනූ තර්ස්ටන් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළා.
පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 250 ක් ලබා ගත්තා.
තරුෂ්ක අශේල් ලකුණු 102යි.
පන්දු යැවීම විහාස් තෙව්මික ලකුණු 74 ට කඩුලු හයයි.
තර්ස්ටන් පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 253යි.
විහාස් තෙව්මික ලකුණු 77 යි.
හරින් ශාලක 42යි.
පන්දු යැවීමේදී සිතුක ගුණවර්ධන ලකුණු 88කට කඩුලු 4 යි.
තරගය ජය පරාජයෙන් තොරව අවසන්වන විට
ඉසිපතන විදුහල දෙවැනි ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබා සිටියා.
රුචිත් රොඩ්‍රිගෝ ලකුණු 82යි.
තරගයේ දක්ෂතම පිතිකරු තරුෂක අසේල.
තර්ස්ටන් විද්‍යාලයේ විහස් තෙව්මික හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තා.
තරගයේ වීරයා තර්ස්ටන් විද්‍යාලයේ විහස් තෙව්මික.
2026 ජනවාරි 03, ප.ව. 8:21
2026 ජනවාරි 01, ප.ව. 9:04
2025 දෙසැම්බර් 31, ප.ව. 3:51
2025 දෙසැම්බර් 30, ප.ව. 10:55
2025 දෙසැම්බර් 30, ප.ව. 10:43