2022 ජූනි 16, ප.ව. 6:15
තම 5 හැවිරිදි පිරිමි දරුවා වත්තල කදිරාන පාලමෙන් කැළණි ගඟට දමා සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ මව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
දරුවා පාලම අසළින් කැළණි ගඟට විසි කොට ඇය ද ගඟට පැනීමට උත්සාහ දරා තිබුණේ ඊයේ (15) රාත්‍රියේයි.
අත්වාරුවකින් කදිරාන පාලම අසළට පැමිණි මෙම කාන්තාව පළමුව දරුවා කැළණි ගඟට විසි කර පසුව ඇය ද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇගේ එම ක්‍රියාව ව්‍යාර්ථ කර පොලිසියට භාර දී තිබුණා.
ගඟට විසිකළ පස් හැවිරිදි දරුවා මෙතෙක් සොයාගෙන නොමැති අතර, ඔහු සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25