hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2024 පෙබරවාරි 29, ප.ව. 12:46



කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කිරීමට පොදු ජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඔවුන් සමග එම පක්ෂයේ ස්වාධීනව ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රී පිරිසද ඊට එරෙහිව චන්දය ප්‍රකාශ කරන බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

ඒ අනුව දැනට ඇතිවී තිබෙන තත්වය අනුව එම විශ්වාස භංගය පරාජය වීමට ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමත් සමග එය කථානායකවරයාට භාර දීමට නියමිතව තිබෙනවා.