hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 17, පෙ.ව. 9:35


මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වසා දමා විරෝධයක්

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිරවී තිබෙනවා.

ඒ, ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන්.

විරෝධතාකරුවන් තම බස් රථ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අවහිර වන ආකාරයට ගාල් කර එලෙස විරෝධතාවයේ නිරතවනවා.

ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස රජය ආරම්භ කළ “පාර්ක් ඇන්ඩ් රයිඩ්” නව ප්‍රවාහන වැඩපිළවෙල පෙරේදා ආරම්භ කළ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූයේ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයයි.

තම පෞද්ගලික මෝටර් රථයෙන් පැමිණ එම ස්ථානයේ නතර කර සුඛෝපභෝගී බස් රථ මඟින් කාර්යාලයට පැමිණීමට මෙහිදී පහසුකම් සැලසෙන නමුත් අද එලෙස පැමිණෙන බොහෝ පිරිසක් විරෝධතාවය නිසා දුෂ්කර තත්ත්වයකට පත් වුණා.