hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 02, ප.ව. 1:55


සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දී ඇත.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සමන් රත්නායක, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

එහි දී ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලදි.