2022 ජූනි 17, ප.ව. 12:14
විරෝධතාවක් හේතුවෙන් අවහිර වූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ප්‍රවේශ වන මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
අද (17) පෙරවරුවේ ඉන්ධන නොලැබුණු බස් රථ සේවකයන් පිරිසක් විසින් මෙලෙස විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා ගැටළුවකින් තොරව ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන නිකුත් කරන බවයි.
ඔවුන් ඉල්ලීම් කර සිටියේ සාමාන්‍ය බස් රථවලට එම පහසුකම නොලැබීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් අධිවේගයේ බස් රථවලට ලබාදෙන ඉන්ධන පහසුකම සාමාන්‍ය බස්රථවලට ද ලබාදෙන ලෙසයි.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56