hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මාර්තු 05, ප.ව. 12:12


අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.

ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා පැවසුවා.