hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 මාර්තු 11, පෙ.ව. 12:54



කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 145 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 297ක් රැස් කළා.

පළමු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 278ක් ලබා ඉනිම අත් හිටවුවා.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් නායක සිනෙත් ජයවර්ධන ලකුණු 92ක් ලබා ගත්තා.

තරඟය අවසන් වන විට සාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස් කර ගෙන සිටියා.

රාජකීය ආදි සිසුවකු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද තරඟයේ නැරඹීමට පැමිණ සිටියා.