2024 මාර්තු 16, පෙ.ව. 8:55
බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 03කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 50 තුළ කඩුලු 07කට ලකුණු 286ක් රැස්කළේය.
සෞම්‍ය සර්කාර් ලකුණු 68ක් සහ ටෝහිඩ් රිදෝයි නොදැවී ලකුණු 96ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවක් තුළ කඩුලු 08කට ලකුණු 287ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් ලකුණු 43කට දැවීගිය මොහොතේ පිටියේ එක්වූ උපනායක චරිත් අසලංක සහ පැතුම් නිස්සංක 5 වැනි කඩුල්ලට ලකුණු 185ක සබඳතාවක් ගොඩනැගුවා.
පැතුම් නිස්සංක ලකුණු 114ක් සහ චරිත් අසලංක ලකුණු 91ක් රැස්කළා.
දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 15ක සහ වනිඳු හසරංග ලකුණු 25ක් ලබා ගත්තා.
ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගනිමින් සම තත්ත්වයේ පසු වනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41