hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 ජූනි 19, ප.ව. 2:29



මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.

එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම ෆයිසර් එන්නත් තොගය තව මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතය.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15ක ආධාර දැනටමත් ලැබී තිබෙනවා.

සෞඛ්‍ය පොදු ගිණුමටද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් පසුගිය සතියේ දී ලබා දී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: