hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2026 ජූනි 09, පෙ.ව. 12:18



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුවේ පිරිස් මෙන් කොන්ද පණ නැති දුර්වල පිරිසක් නොවන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසති.

ප්‍රදේශයේ පැවැති විශේෂ ජන හමුවක් අමතමින් උන්වහන්සේ සෘජුවම සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඊළඟ ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මෙරට ඉහළම ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා තමන් ඇතුළු පිරිස උපරිමයෙන් කටයුතු කරන බවයි.

වත්මන් ආණ්ඩුවට රට වෙනුවෙන් සැබෑ ලෙසම සිදු කිරීමට හැකි කිසිදු සාධනීය දෙයක් නොමැති බවත්, ඔවුන් මේ වන විට සම්පූර්ණයෙන්ම වැඩ කරනු ලබන්නේ විදේශීය දෙමළ ඩයස්පෝරාවේ පටු වුවමනාවන් සහ අවශ්‍යතාවන් ඉටු කිරීම වෙනුවෙන් පමණක් බවත් උන්වහන්සේ එහිදී දැඩිව ප්‍රකාශ කළහ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වත්මන් පාලනය කටයුතු කරන ආකාරය දැඩි දෝෂදර්ශනයට ලක් කළ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ඔහුට නිසි පරිදි ආහාර පාන පවා නොදී, විවිධ මානසික හා ශාරීරික වද බන්ධන පමුණුවමින්, මාතෘභූමිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ ආදරණීය රණවිරුවකුව දඬුකඳේ ගැසීමට වත්මන් පාලකයන් කටයුතු කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: