hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 19, ප.ව. 3:02


තවත් කොවිඩ් තහනමක් ඉවතට

විදේශිකයන්ට අනිවාර්ය කර තිබු කොවිඩ් -19 රක්ෂණාවරණය ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර ඇත්තේ වහාම ක්‍රියාත්මක පරිදි එම රක්ෂණාවරණ ක්‍රමවේදය ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවයි.

මේ පිළිබඳ ලිඛිත දැනුම්දීම් ද මේ වන අදාළ ආයතන වෙත යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.